භෞතික විද්‍යාව 2020 විවරණය

රු600.00

ප්‍රකාශනය: ලිතිර උසස් අධ්‍යාපන © 2021, ප්‍රමාණය A4, පිටු 100, ISBN  978-624-97929-0-6

විභාග දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය: EX/PRESS/2020/0039

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව- 2020 ප්‍රශ්න පත්‍රයේ  සම්පූර්ණ විවරණය

16 in stock (can be backordered)

Description

2020 al physics paper review by Prof. S. R. D. Rosa in Sinhala medium.

2020 භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණයයි මේ. මෙහි, ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සහ එහි විශ්ලේෂණය  ඉදිරිපත් කර ඇත.

සිසු දරුවන් ප්‍රශ්නවලට පිළිතුරු දැක්වීමේ දී දක්වන දුර්වලතා, අසම්පූර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක් ම සෑම ප්‍රශ්නයක් යටතේ ම ඉතා නිවැරැදි ලෙස සමාලෝචනය කර ඇත. එහෙයින්, භෞතික විද්‍යා විවරණය පරිශීලනය කර, මෙහි අඩංගු ශිල්පීය ක්‍රම විමර්ශනශීලීව හදාරා, ඉදිරි විභාගවල දී එම ක්‍රම අනුසාරයෙන් ගැටලු විසඳා, ඉතා ඉහළ ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.

මෙම භෞතික විද්‍යා විවරණ පොත් පෙළට 2001 වසරේ සිට මේ දක්වා ( 2020 al physics paper review ) සියලු ම වසරවල භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර විවරණ අඩංගු වේ.

ප්‍රශ්න පත්‍ර විවරණය ඉදිරිපත් කිරීමේ දී, මහාචාර්යවරයා (Prof. Rosa) ඔහුට ම ආවේණික වූ සරල, සුගම, සිත්ගන්නාසුලු බස් වහරක් අනුගමනය කරයි.

පහත සඳහන් කොටස ඊට කදිම නිදසුනකි . එහි දී, ඔහු බහුවරණ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ගැටලුව විවරණය කිරීමට පිවිසෙන ආකාරය මෙසේ ය.

“මෙහි අගය මනෝමයෙන් ලබා ගත හැකි ද? ඇත්තට ම පුළුවන. එවැනි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා පහසුවෙන් 40ට එහා නිවැරැදි ප්‍රශ්න සංඛ්‍යාවකට පිළිතුරු දිය හැක. මෙවැනි ප්‍රශ්න පත්‍ර අමාරුයි කියන්නේ කාලය මදි වීම ය. නැතහොත් භෞතික විද්‍යාවේ අසීරුකම නො වේ. ඉතා කෙටි කාලයකින් ප්‍රශ්නවලට පිළිතරු ලබා ගත යුතු ය. මෙම කුසලතාව ඔබ ප්‍රගුණ කළ හොත් දී ඇති පැය 2 තුළ ඔබට සියලු ප්‍රශ්න ලිහීමට හැකියාවක් ලැබෙනු ඇත.

නමුත් මෙම හැකියාව සහ කුසලතාව ලබා ගැනීමට මහන්සි විය යුතු ය. නිකම්ම ගතානුගතික ලෙස ප්‍රශ්න කිරීමෙන් බැහැර වී අලුත් විදියට සිතිය යුතු ය. මහන්සි වී උත්සාහ කළ හොත් මෙය කළ නො හැක්කක් නොවේ. පට පට ගාල SMS ගහන සමාජ ජාල පරිහරණය කරන ඔබලාට මෙය කිරීමට අපහසු ඇයි? අවශ්‍ය වන්නේ ඕනෑකම පමණි.”

(2020 al physics paper review)

මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසාගේ අනෙකුත් විවරණ පොත්

 

Additional information
Weight0.16 kg
Dimensions28.00 × 21.00 × 0.40 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “භෞතික විද්‍යාව 2020 විවරණය”

Your email address will not be published. Required fields are marked *

Description