සම්පත් පොත 13 ප්‍රවේණිය
රු1,200.00
ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2020 ප්‍රථම මුද්‍රණය, ප්‍රමාණය A4, වර්ණ පිටු 132 ISBN: 978-955-6548-81-5
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත: ඒකකය 05 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය – II, ඒකකය 06 ප්‍රවේණිය
9 in stock
සම්පත් පොත 13 ප්‍රවේණිය පොතහි,
- සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය (දෙවැනි කොටස)
- ප්‍රවේණිය
යන පාඩම් දෙක ඇතුළත් වේ.
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය – II
- සමායෝජනය
- මානව ස්නායු පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය
- මානව සංවේදක ව්‍යුහ හා ක්‍රියාකාරිත්වය
- මානව සමේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය
- මානව අන්තරාසර්ග පද්ධතියේ කාර්යභාරය
- මානව දේහයේ අභ්‍යන්තර පරිසරය නියත පරාසයක් තුළ පවත්වාගෙන යෑම
- ප්‍රජනනය
- මානව පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය
- මානව ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය
- උපත් පාලන ක්‍රම
- සන්ධාරණය හා චලනය
- මානව සැකිල්ල
- මානව ආක්ෂක සැකිල්ලේ සංවිධානය
- මානව ගාත්‍රා සැකිල්ලේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය
- මානව කංකාල පද්ධතිය හා සම්බන්ධ සංකූලතා හා අසමානතා
- කංකාල පේශි සහ සංකෝචන යන්ත්‍රණය
6 ඒකකය ප්‍රවේණිය
- ප්‍රවේණි විද්‍යාවේ වාග් මාලාව
- ඒකාංග මුහුම
- ද්වාංග මුහුම
- මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වීමට හේතු
- සම්භාවිතා නියම හා මෙන්ඩලීය ආවේණිය
- පරික්ෂා මුහුම
- මානව මෙන්ඩලීය ලක්ෂණ ප්‍රවේණිගත වන රටා
- මෙන්ඩලීය නොවන ආවේණිය
- බහු ඇලීලතාව
- ගහන ප්‍රවේණිය
- ශාක හා සත්ත්ව අභිජනනය
උසස් පෙළ සඳහා 2017 වසරේ සිට ක්‍රියාත්මක වන්නේ නව විෂය මාලාවකි.
එහිදී, විෂය මාලාවේ අඩංගු විෂය කරුණුවල ප්‍රමාණය විශාල ලෙස අඩු කර ඇත. ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රමයේ වෙනස්කම් ද සිදු කර ඇත.
විෂය සන්ධාරය සරල ලෙස විස්තර කැරෙන පරීශීලන ග්‍රන්ථයක අවශ්‍යතාවය වෙනුවෙනි මෙය, ප්‍රකාශයට පත් කර ඇත්තේ.
විවිධ පෙළපොත් භාවිත කිරීමේ දී, පරස්පරවිරෝධ විෂය කරුණු සඳහන් වී තිබීමත්,
දේශීය විෂය මාලාවේ සීමා අභිබවා ගිය විෂය කරුණු ඒවායේ ඇතුළත් වීමත් නිසා ගුරුභවතුන්ට සහ සිසුන්ට ඒවා පරිහනයේ දී අපහසුතා ඇති වේ.
එබැවින් මෙම සම්පත් පොත 13 ප්‍රවේණිය මගින් දේශීය විෂයමාලාවේ සීමාවලට යටත් ව,
සිය මවු භාෂාවෙන් අදාළ විෂය සන්ධාරය පරිහරණය කිරීමට සිසුන්ට අවස්ථාව සලසා ඇත.
එමෙන් ම, විවිධ ග්‍රන්ථ, අතිරේක පන්ති වැනි මූලාශ්‍රවලින් තොරතුරු ලබා ගැනීම වෙනුවට,
විෂය මාලාව මගින් අපේක්ෂිත තොරතුරු නිවැරැදිව ලබා ගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත.
ජාතික ආධ්‍යාපන ආයතනය 2019 දී සිය වෙබ් අඩවියේ පළමු වරට ප්‍රකාශයට පත් කරන ලදී.
2020 දී සංශෝධනයට ලක් කර, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ම දැන් මෙම සම්පත් පොත 13 ප්‍රවේණිය,
මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.
| Weight | 0.37 kg |
|---|---|
| Dimensions | 29.30 × 21.00 × 1.00 cm |
| WRITER | NIE – ජාතික අධ්‍යාපන ආයතනය |




Reviews
There are no reviews yet.