සම්පත් පොත ජීව විද්‍යාව 12
රු2,000.00
ප්රකාශනය:
ජාතික අධ්‍යාපන ආයතනය © 2024 තෙවැනි මුද්‍රණය, ප්‍රමාණය A4, වර්ණ පිටු 260 ISBN: 978-955-654-878-5
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත: ජීව විද්‍යාව හඳුන්වා දීම, ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම, පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය, ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය, සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය.
11 in stock (can be backordered)
සම්පත් පොත ජීව විද්‍යාව 12 ශ්‍රේණිය පොතහි,
- ජීව විද්‍යාව හඳුන්වා දීම
- ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම
- පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
- ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය
- සත්ත්ව ආකාරය හා ක්රිියාකාරිත්වය
යන පළමු පාඩම් පහ ඇතුළත් වේ.
උසස් පෙළ සඳහා 2017 වසරේ සිට ක්‍රියාත්මක වන්නේ නව විෂය මාලාවකි.
එහිදී, විෂය මාලාවේ අඩංගු විෂය කරුණුවල ප්‍රමාණය විශාල ලෙස අඩු කර ඇත. ඉගෙනුම්- ඉගැන්වීම් ක්රමයේ වෙනස්කම් ද සිදු කර ඇත.
විෂය සන්ධාරය සරල ලෙස විස්තර කැරෙන පරීශීලන ග්‍රන්ථයක අවශ්‍යතාවය වෙනුවෙනි මෙය, ප්‍රකාශයට පත් කර ඇත්තේ.
විවිධ පෙළපොත් භාවිත කිරීමේ දී, පරස්පරවිරෝධ විෂය කරුණු සඳහන් වී තිබීමත්,
දේශීය විෂය මාලාවේ සීමා අභිබවා ගිය විෂය කරුණු ඒවායේ ඇතුළත් වීමත් නිසා ගුරුභවතුන්ට සහ සිසුන්ට ඒවා පරිහනයේ දී අපහසුතා ඇති වේ.
එබැවින් මෙම සම්පත් පොත ජීව විද්‍යාව 12 මගින් දේශීය විෂයමාලාවේ සීමාවලට යටත් ව,
සිය මවු භාෂාවෙන් අදාළ විෂය සන්ධාරය පරිහරණය කිරීමට සිසුන්ට අවස්ථාව සලසා ඇත.
එමෙන් ම, විවිධ ග්රන්ථ, අතිරේක පන්ති වැනි මූලාශ්‍රවලින් තොරතුරු ලබා ගැනීම වෙනුවට,
විෂය මාලාව මගින් අපේක්ෂිත තොරතුරු නිවැරැදිව ලබා ගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත.
ජාතික ආධ්‍යාපන ආයතනය 2019 දී සිය වෙබ් අඩවියේ පළමු වරට ප්‍රකාශයට පත් කරන ලදී.
2020 දී සංශෝධනයට ලක් කර පළමු වැනි මුද්‍රණයත්, 2023 දී දෙවැනි මුද්‍රණයත් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ම ප්‍රකාශයට පත් කර ඇත.
| Weight | 0.72 kg |
|---|---|
| Dimensions | 29.30 × 21.00 × 1.50 cm |
| WRITER | NIE – ජාතික අධ්‍යාපන ආයතනය |




Reviews
There are no reviews yet.