උසස් පෙළ ජීව විද්‍යාව බහුවරණ විවරණ
රු1,380.00
කර්තෘ: හිරාන් අමරසේකර
ප්‍රකාශනය: කර්තෘ © 2016, ISBN: 978-955-8601-14-3, ප්‍රමාණය A4, පිටු 128
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව – 12 ශ්‍රේණිය: බහුවරණ විවරණ – 1 ප්‍රශ්න 360+, පිළිතුරු සහ විවරණ
20 in stock (can be backordered)
උසස් පෙළ ජීව විද්‍යාව බහුවරණ විවරණ – 1 ප්‍රශ්න 360+ පිළිතුරු සහ විවරණ පොත මහාචාර්ය හිරාන් අමරසේකර ගේ සම්පාදනයකි.
ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ සම්පත් පොත්වලට අදාළව,
නව රටාවට ගැලපෙන බහුවරණ ප්‍රශ්න 363ක් සහ ඒ සඳහා විවරණ එහි අඩංගු වේ.
මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ නව ප්‍රශ්න රටාව අවබෝධ කර ගැනීමටත්,
විෂය අවබෝධය පුළුල් කර ගැනීමටත් විභාගයට සාර්ථකව පිළිතුරු සැපයීමටත් හැකි වනු ඇත.
ඇතැම් විෂයවල විෂය නිර්දේශය වෙනස් වූයේ ඉතා සුළු වශයෙන් වුව ද, ජීව විද්‍යාව විෂය නිර්දේශය මුළුමනින් ම වෙනස් වී ඇත.
සාම්ප්‍රදායික ජීව විද්‍යාවේ වර්ගීකරණය, ජීවීන්ගේ විවිධත්වය වැනි කොටස්වලට තිබූ අවධානය අඩු කොට ප්‍රතිශක්තිය, ජීවීන්ගේ පරිණාමය, අණුක ජීව විද්‍යාව වැනි නව විෂය කරුණු අලුත් විෂය නිර්දේශයට හඳුන්වා දී ඇත.
එමෙන් ම මීට පෙර තිබූ විෂය දත්ත ද, මුළුමනින් ම වෙනස් කරනු ලැබ ඇත.
මේ නිසා පැරැණි නිර්දේශයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියා පුහුණු වීම නිශ්ඵල ක්‍රියාවකි.
ඒ නිසා නව නිර්දේශයේ සීමාවලට අදාළව, නව ප්‍රශ්න රටාව අනුසාරයෙන් මෙම ග්‍රන්ථය සකස් කරනු ලැබ ඇත.
උසස් පෙළ ජීව විද්‍යාව බහුවරණ විවරණ – 1 ප්‍රශ්න 360+ පිළිතුරු සහ විවරණ පොත සකසා ඇත්තේ ආසන්න වසරවල නව විෂය නිර්දේශය යටතේ පැවැත් වූ විභාග ප්‍රශ්න රටා විශ්ලේෂණය කිරීමෙනි.
එම විභාගවල නිරීක්ෂණය කළ රටාව වන්නේ, සම්පත් පොත්වල ඇති කරුණුවලට පමණක් සීමා වී ප්‍රශ්න යොමු කර තිබීම ය.
කෙසේ වුවද, විභාග ප්‍රශ්න රටා යනු නිතර වෙනස්වීම්වලට බඳුන් වන්නක් බව සිහි තබා ගැනීම ද වැදගත් ය.
මෙම පොතෙහි සෑම ඒකකයක් ම ආරම්භයේ දී විභාගය සඳහා ඔබ දැනගත යුතු කරුණු සහිත ඉගෙනුම් ඵල ඇතුළත් කර ඇත.
පොතෙහි ප්‍රශ්න සාදා ඇත්තේ එම ඉගෙනුම් ඵල ආවරණය වන පරිදි ය.
- ජීව විද්‍යාව හැඳින්වීම
- ජීවයේ රසායනික සහ සෛලීය පදනම
- පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය
- ශාක ආකාරය සහ ක්‍රියාකාරිත්වය
- සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය
| Weight | 0.3 kg |
|---|---|
| Dimensions | 29.3 × 21 × 0.7 cm |
| WRITER | Hiran Amarasekara, හිරාන් අමරසේකර |





Reviews
There are no reviews yet.