දෝලන සහ තරංග
රු1,350.00
Error: Contact form not found.
කර්තෘ: පී. ගීකියනගේ
ප්රකාශනය: කර්තෘ © 2018 , ISBN: 978-955-52440-0-8, ප්‍රමාණය A4, පිටු 124
අන්තර්ගතය: භෞතික විද්‍යාව: දෝලන හා තරංග: (2017 නව විෂය නිර්දේශය) භෞතික විද්‍යාත්මක පදනම ඇසුරෙන් දෝලන විග්රහ කිරීම, තරංග චලිතය සහ ඒවායේ භාවිත, තරංගවල ගුණ පදනම් කර ගනිමින් ඒවායේ භාවිත පිළිබඳ විමසා බැලීම, තන්තුවල සහ දඬුවල කම්පන විධි, වායු කඳන්වල කම්පන විධි, ඩොප්ලර් ආචරණය, ධ්වනිය නිපදවීම සහ ප්‍රචාරණය, විද්‍යුත් චුම්භක තරංග
15 in stock
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ තුන්වැනි ඒකකය කොටස් දෙකක් ලෙස ඉදිරිපත් කැරෙන අතර එහි පළමු වැනි කොටස මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත. තුන් වැනි ඒකකයට අදාළ ආලෝකය හැර අනෙකුත් සියලු සිද්ධාන්ත සහ විෂය කරුණු ඇතුළත් පූර්ණ පාඨමාලාවක් මෙහි අන්තර්ගත වේ. තව ද, භූ කම්පන තරංග, සුනාමි, අතිස්වනික තරංග, ලේසර් වැනි නව නිර්දේශයට මෑත දී එකතු කරන ලද මාතෘකා පිළිබඳ කරුණු ද සරල බසින් මෙහි සඳහන් කර ඇත.
විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක් ද මෙම පොතෙහි අඩංගු වේ.
මීට අමතරව දෝලන හා තරංග යටතේ අධ්‍යයනය කරන විෂය කරුණු උසස් පෙළ විභාගයේ දී පරීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දෙනු වස්, එක් එක් පරිච්ඡේදය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ විසඳුම් ද දක්වා ඇත.
| Weight | 0.19 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 0.70 cm |
| WRITER | පී. ගීකියනගේ |



