




අයින්ස්ටයින් – ජීවිතය සහ සිද්ධාන්ත
රු980.00
කර්තෘ: මහාචාර්ය කේ.ඒ.අයි.එල්. විජේවර්ධන ගමලත්
ප්‍රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් © 2017, ISBN: 978-955-1760-24-3, ප්‍රමාණය A5, පිටු 548
අන්තර්ගතය: අයින්ස්ටයින්: ජීවිතය සහ සිද්ධාන්ත – පළමු වැනි කොටස: ජීවන චරිතය, දෙවැනි කොටස: විද්‍යාත්මක කර්තව්‍ය සහ උදෘත පාඨ
Out of stock
මෙම ග්‍රන්ථයෙහි මූලික අභිමතාර්ථය වනුයේ ඇල්බට් අයින්ස්ටයින් නමැති ශ්‍රේෂ්ඨ බුද්ධිමතා හඳුන්වා දීමත්, ඔහුගේ සිද්ධාන්ත ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට පහසු වන ආකාරයට චිත්‍රාත්මකව ඉදිරිපත් කිරීමත් ය. ප්‍රකාශයට පත් කෙරී ඇති ඔහුගේ සියලු ම විද්‍යාත්මක වැඩකටයුතු සැකෙවින් සාකච්ඡා කරමින්, ඇල්බට් අයින්ස්ටයින්ගේ සවිස්තර චරිත කතාව පළමු කොටසෙහි ඉදිරිපත් කර ඇත.
දෙවැනි කොටසෙහි ඔහුගේ මූලික සිද්ධාන්තවල විස්තර ඉදිරිපත් කැරේ. ඔහුගේ විශිෂ්ට හා ආශ්චර්යමත් කාලය ලෙස ඉතිහාස ගත වී ඇත්තේ 1905 වසර ය. එවකට විසිහය හැවිරිදි අයින්ස්ටයින්, සිය උසස් උපාධි නිබන්ධනය සහ අතිශයින් විප්ලවකාරී පර්යේෂණ පත්‍රිකා හතරක් ඉදිරිපත් කළේ ය. එවායෙහි, ස්වභාව ධර්මයේ ශක්තිය, පදාර්ථය, චලිතය, කාලය සහ අවකාශය පිළිබඳ ගැටලු අන්තර්ගත ව තිබිණි. එහිදී ඔහු ආලෝකය සඳහා ක්වොන්ටම් වාදය නිර්මාණය කර ප්‍රකාශ විද්‍යුත් ආචරණය පැහැදිලි කළේ ය.
සාධාරණ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළ 1915-1916 වසර ඔහුගේ ඊළඟ විශිෂ්ට කාල වකවානුව විය. මැක්ස් බෝන් එය හැඳින් වූයේ ‘මනුෂ්‍ය චින්තනයේ විසල් වික්‍රමය’ ලෙස ය. එම සිද්ධාන්තවලින් විස්තර කැරුණු ගුරුත්වාකර්ෂණ තරංගවල පැවැත් ම නිරීක්ෂණාත්මක ව තහවුරු කර ගැනීමට හැකි වූයේ සියවසක ඇවෑමෙන් 2015 සැප්තැම්බර් මස 11 වැනි දා ය. ඒ පිළිබඳ ව ද මෙම කෘතියෙහි වෙසෙසින් ම පරිච්ඡේදයක් ඇතුළත් කොට ඇත.
| Weight | 0.645 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 3 cm |
| WRITER | කේ.ඒ.අයි.එල්. විජේවර්ධන ගමලත් |


Reviews
There are no reviews yet.