භෞතික විද්‍යාව මෙගා පොත් පෙළ -1
රු450.00
කර්තෘ: වයි. එම්. පී. යාපා
ප්රකාශනය: කර්තෘ © 2016, ISBN: 978-955-41592-2-8, ප්‍රමාණය A4, පිටු 144
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: (යන්ත්‍ර විද්‍යාව, ගුරුත්වාකර්ෂණය, පදාර්ථයේ ගුණ)
Out of stock
මෙහි යන්ත්‍ර විද්‍යාව, ගුරුත්වාකර්ෂණය සහ පදාර්ථයේ ගුණ ආවරණය වේ.
මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ උසස් පෙළ සිසුනට ස්වයං අධ්‍යයනය සඳහා සුදුසු වන අයුරු ය. එක් එක් පරිච්ඡේදය ආරම්භයේ ප්‍රධාන සංකල්ප සහ මූලධර්ම දක්වා ඇත්තේ ගැටලු විසඳීමට පෙර ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම වැදගත් බැවිනි.
ඒකක හා මානවලට අමතරව ආරම්භක පරිච්ඡේද දෙකෙහි මිනුම් උපකරණ දත්ත විශ්ලේෂණය හා ප්‍රතිඵල නිවැරැදිව ඉදිරිපත් කිරීම ආදී පොදු මාතෘකා අඩංගු කර ඇත්තේ සිසුන්ගේ න්‍යායාත්මක මෙන් ම ප්‍රායෝගික දැනුමේ නිවැරැදිතාව හා ගුණාත්මකතාව වර්ධනය කරනු පිණිස ය.
මෙහි, සම්පූර්ණ විසඳුම් සහිත ගැටලු, විසඳුම් පියවර සහිත ගැටලු සහ අභ්‍යාස අනුක්රමිකව දක්වා ඇත්තේ වඩා ඵලදායී ලෙස ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කර ගත හැකි අයුරිනි.
| Weight | 0.23 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 0.8 cm |
| WRITER | වයි. එම්. පී. යාපා |


