අවසන් සිද්ධාන්තය
රු1,000.00
පරිවර්තනය: තත්සරණී බුලත්සිංහල
ප්‍රකාශනය: S & T Group © 2009, ISBN: 978-955-1080-10-5, ප්‍රමාණය A5, පිටු 406
අන්තර්ගතය: THE LAST THEOREM සිංහල පරිවර්තනය
Out of stock
කොළඹ විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍යයෙකු වන රංජිත් සුබ්‍රමනියම්ගේ එකම අරමුණ ‘ෆර්මා ගේ අවසන් සිද්ධාන්තය’ ඔප්පු කිරීම ය. ඒ වෙනුවෙන් ඔහු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුගේ මුරපදය රහසේ භාවිත කරමින් කරුණු සෙයයි. අවසානයේ දී සිරදඬුවම් විඳින්නට සිදු වන රංජිත්ට ‘ෆර්මාගේ අවසන් සිද්ධාන්තය’ සාධනය කරීමට හැකි වේ ද?
ශ්‍රී ලංකාවේ පිහිටන අභ්‍යවකාශ සෝපානයේ සිට පෘථිවියේ පහළ කක්ෂය වෙතත්, වෑන් ඇලන් විකිරණ වළලු හරහා චන්ද්‍රයා වෙතත් මිනිසුන් සංචාරයේ යෙදේ. චන්ද්‍රයා තුළ නිර්මාණය වී ඇති ඝන ලාවා බට ඇතුළත සඳේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතර සූර්ය සුළඟ ආධාරයෙන් සූර්ය යාත්‍රා තරග ද පැවැත් වේ.
මේ අතරතුර දී පෘථිවි ඉතිහාසය තුළ සිදු වූ පරමාණු බෝම්බ පිපිරුම්වලින් සහ න්‍යෂ්ටික අත්හදාබැලීම්වලින් විශ්වයට ගමන් කළ සංඥා අධ්‍යයනය කළ දියුණු පිටසක්වළයින්, මානවයා තර්ජනාත්මක ජීවීයෙකු ලෙස සලකා ඔවුන් සමූල ඝාතනය කිරීමට පැමිණේ.
මෙසේ පැමිණෙන ගැලැක්සි ලොක්කන්, නව පාදිකයින්, යන්ත්‍ර ඉස්ටෝරුවන් සහ එකහමාරේ ජීවීන් යන එක් එක් කාර්යයට විශේෂ වූ පිටසක්වළ ජීවීන්ගේ අභියෝගයට මිනිසාට මුහුන දිය හැකි ද?
සීඝ්‍රයෙන් දියුණු වූ ලෝකයේ, මරණය ජය ගැනීමට තත් දරන මිනිසාගේ අනාගත ඉරණම කෙසේ විසඳේ ද?
| Weight | 0.4 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 2.5 cm |
| WRITER | ආතර් සී ක්ලාක් |

Reviews
There are no reviews yet.