න්‍යාස හා නිශ්චායක
රු490.00 Original price was: රු490.00.රු450.00Current price is: රු450.00.
ප්රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් © 2013, ISBN: 978-955-1760-19-9, ප්‍රමාණය B5, පිටු 134
අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය: න්‍යාස – න්‍යාසයක් යනු කුමක් ද, න්‍යාසයක නිරූපණය, න්‍යාසවල ගුණ, න්‍යාස ඓක්‍යය සහ එහි ගුණ, න්‍යාසයක ප්‍රතිලෝමය. නිශ්චායක – සමගාමී සමීකරණ, න්‍යාස සහ නිශ්චායක, නිශ්චායක සම්බන්ධ ගණනය කිරීම්, සමගාමී සමීකරණ විසඳීම සඳහා නිශ්චායක භාවිතය, නිශ්චායක, වර්ගඵලය සහ පරිමාව
75 in stock (can be backordered)
උසස් පෙළ සංයුක්ත ගණිතය නව විෂය නිර්දේශයට අදාළ න්‍යාස සහ නිශ්චායක උප කොටස සඳහා මෙම උපකාරක ග්‍රන්ථය සකස් කර ඇත. එදිනෙදා ජීවිතයෙන් උකහාගනු ලැබූ සරල නිදසුන්වලින් ආරම්භ කොට, මූලික ගණිත සංකල්ප, සිද්ධාන්ත, සාධන සහ විසඳනු ලැබූ ගැටලු විශාල සංඛ්‍යාවක් ඇතුළත් වන අන්දමට සකසන ලද මෙම කෘතිය විෂයය උගන්වන ගුරුවරුනට ද උපකාරී වනු ඇත.
න්‍යාස හෝ නිශ්චායක වැනි වීජ ගණිතමය උප කොටස් ඉගැන්වීමේ දී බොහෝ විට මුහුණ පාන්නට සිදු වන ගැටලුවකි, ගැටලුවක විසඳුම් ක්‍රමවේදය නිසියාකාර ව හඳුනාගැනීම. අනෙක් ක්ෂේත්‍ර සමග සැසඳීමේ දී මෙම ලක්ෂණය වඩාත් කැපී පෙනෙන්නේ වීජ ගණිතයෙහි ය. ඇතැම් පියවරක් සඳහා එළඹෙන්නේ කෙසේද යන්න උදක් තර්කනයෙන් හෝ විශ්ලේෂණයෙන් පමණක් විග්රහ කළ හැකි නො වේ. ඒ සඳහා හොඳ හසුරු කෞෂල්‍යයක් ද තිබිය යුතු ය. මෙය ගොඩනඟා ගත හැක්කේ, ක්‍රමවත් අභ්‍යාසයෙනි. විසඳූ ගැටලු විශාල ප්‍රමාණයක් ඇතුළත් කිරීමෙන් කතුවරුන් අපේක්ෂා කරන්නේ, සිසු-සිසුවියන් ක්‍රමවත් අභ්‍යාසයෙහි හුරු කිරීමයි.
| Weight | 0.21 kg |
|---|---|
| Dimensions | 25.00 × 17.60 × 1.30 cm |
| WRITER | අනුරාධ මහසිංහ, සංජීව පෙරේරා |




